April 16, 2025

හිස තෙල් ගෑමේ ජාතික උත්සවයට සමගාමිව පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ දී අද (16) චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් පැවැත්විණි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විය.

මෙහිදී අලි ඇතුන්ගේ හිස තෙල් ගෑම සහ එම සත්වයන්ට ආහාර ලබාදීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී රාජපක්ෂ ඇතුළු කාර්යය මණ්ඩලය සහ රජයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ.