April 10, 2024

ඊයේ කොළඹ පදනම් ආයතනයේ පැවති ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විශේෂ රැස්වීම සඳහා සාමාජිකයෝ 250ට ආසන්න පිරිසක් සහභාගී වූහ.

මෙහිදී දීර්ඝ වශයෙන් වැට් බදු ගෙවීම සම්බන්ධයෙන් සාමාජිකයන් අදහස් දැක්වූ අතර, බහුතර සාමාජිකයින්ගේ අදහස වූයේ වැට් බදු පනතට අනුව බෙදුම්කරුවන් යනු අවසන් පාරිභෝගිකයා නොවන බැවින් ඒ සදහා දැඩි ක්‍රියාමාර්ගයක් ගතයූතු බවය.

මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව අපහසුවට පත්නොවන ලෙස ක්‍රියා කිරීම වඩාත් සුදුසු බව තීරණය වූ නිසා වැඩි දෙනකුගේ කැමැත්ත මත නැවත වරක් වැට් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා විෂය භාර ඇමැතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා එළඹෙන 20 වැනි දිනට පෙර ප්‍රතිචාරයක් ලබාගැනීමටත් එකඟත්වයකට පැමිණ තිබේ.

ඒ අනුව 20 වන දිනෙන් පසු මෙම ගැටළුව සඳහා ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි පියවර ගනු ඇත.

42.31%
17.27%
32.76%