October 26, 2024

රිය අනතුරක් සිදුකළ කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම අලුත්ගම මාර්ගයේ බදුගම හන්දියේ කහඉර මත දී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා උසස් නිලධාරීන්ගේ අවසර රැගෙන පෞද්ගලික කාර් රථයෙන් නිවස බලා ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%