October 16, 2023

2028 වසරේ අමෙරිකාවේ ලෝස් ඇන්ජලිස් හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල වශයෙන් අනුමැතිය හිමිව තිබේ.

අද රැස්වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කර ඇත.

ඒ අනුව, ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල්වරට එම ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදි නව ඉසව්වක් ලෙස එක්වනු ඇත.