September 4, 2024

ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇත.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමාකිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

දැනට දෙපාර්තමේන්තුව සතුව විදෙස් ගමන් බලපත් හිස් පොත් 30000ක් පමණ පවතින බව එහි ජ්‍යේෂඨ නිලධාරියකු News 1st වෙත පවසා ඇත.

ඒවා කළමනාකරණයෙන් යුක්තව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මේ දිනවල ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසළ හා ප්‍රාදේශීය කාර්යාල අසළ‍ දිගු පෝලිම් පවතින්නේ, විදෙස් ගමන් බලපත් ලබා ගැනීමේ අරමුණින් පැමිණි ජනතාව හේතුවෙනි.