42.31%
17.27%
32.76%
October 1, 2023

අද සිට දිවයිනේ තෝරාගත් ප්‍රදේශ වලදී ජලය සඳහා විද්‍යුත් බිල්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර කොළඹ දකුණ, මහනුවර දකුණ, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව හරහා ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ පවසයි.

මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමට, 0719 39 99 99 ට කෙටි පණිවුඩයක් යැවිය යුතුය.

මෙම ක්‍රමය 2024 ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%