July 25, 2024

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත T20 තරගාවලිය වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අහිමිව තිබේ.

ඒ පුහුණුවීම් අතරතුර ඔහු අබාධකයට ලක්වීම හේතුවෙන් බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඊයේ පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී ඔහුගේ ඇඟිල්ල බිඳී ඇති බවට වාර්තා විය.

තුෂාරගේ ආබාධය, කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තහවුරු කර ඇත.

තුෂාර පන්දු යැවීමේ අංශයේ අත්‍යවශ්‍ය අයකු වී ඇති අතර, ඔහුගේ නොසිටීම දැඩි ලෙස දැනෙනු ඇත.

ඔහු කණ්ඩායමේ නොමැතිවීම ඉන්දියාවට එරෙහි ඉදිරි තරඟවලදී ශ්‍රී ලංකාවට සැළකිව යුතු පහරකි.

නුවන් තුෂාර වෙනුවට වේගපන්දු යවන ක්‍රිඩක ඩිල්ශාන් මධුශංක අදේශ කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.

නම් කරන ලද සංචිතයේ සිටි දුෂ්මන්ත චමීර ද අබාධයක් හේතුවෙන් ඉවත් කෙරිණි.

ඔහු වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කෙරිණි.