Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජන අරගල සන්ධානය මීළඟ ජනාධිපතිවරණයට ‘කුඩය’ ලකුණින් තරඟ වදින බව අද (අගෝස්තු 7) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
එහිදී අදහස් දැක්වූ එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ, රටේ මහජනතාවට, තරුණයින්ට, ශිෂයයින්ට, වැඩකරන ජනතවට සියලු ආකාරයේ පීඩාවන් අත්කර දුන් සහ රට බන්කොලොත් කළ වික්‍රමසිංහගේත්, රාජපක්ෂලාගේත්, විපක්ෂය නියෝජනය කළ ප්‍රේමදාසගේත්, දිසානායකගේත්, ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැති බවයි.
ඊට වෙනස් වූ එකම ප්‍රතිපත්තිය ජන අරගල සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඔහු වැඩි දුරටත් පැවසුවේ, මෙම ප්‍රතිපත්තිමය බෙදුම් රේඛාව ඉදිරි මැතිවරණයේදී පැහැදිලිව පෙනෙන බවත්, ඒ අනුව රටේ පවතින කොල්ලකාරී ආර්ථික ක්‍රමයට, අයි එම් එෆ් ගැතිවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට, ඉන්දියනු ගැතිවාදයට එරෙහිව, ජාතිවාදය මත පදනම් වූ පීඩනයට එරෙහිව ජනතාව ‘කුඩය’ ලකුණට සිය ඡන්දය ලබා දෙනු ඇති බව තමන් විශ්වාස කරන බවත්ය.
එමෙන්ම බදු බර වැනි අනෝරා වැහි වලට ‘කුඩය’ ඔසවන ලෙසත්, අයුක්තියට අසාධාරණයට එරෙහිව ‘කුඩය’ පළිහක් කරගන්නා ලෙසත්, ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් පැවැසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart