42.31%
17.27%
32.76%
September 28, 2024

බස්නා­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යකු වූ බාප්පා විසින් ලබා දුන් බව කියන අංක මකාදමන ලද ටී පනස් හය ගිනි­අ­වි­යක් විශ්‍රා­මික ආබා­ධිත යුද හමුදා සෙබ­ළකු වන මූල්‍ය ආය­තන හා සුපිරි වෙළ­ඳ­සල් කිහි­ප­යක් හිමි කෝටි­පති ව්‍යාපා­රි­ක­යකු සතුව තිබී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි නුංග­මුව පොලි­සිය පැව­සීය.

නුංග­මුව පොලිස් වසමේ දෙල්ග­හ­මැ­ඩිල්ල ප්‍රදේ­ශයේ පෙරේදා (26) මධ්‍යම රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙ­යු­ම­කදී මෙම සැක­කරු හා ගිනි­අ­විය අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිව තිබිණ.

විශ්‍රා­මික ආබා­ධිත හමුදා නිල­ධා­රි­යකු සතුව ගිනි­අ­වි­යක් ඇති බවට ගම්පහ කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට ලැබුණු තොර­තු­රක් මත මෙම වැටළීම සිදුකර ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු යුද හමු­දාවේ සේවය කර­මින් සිට පාද­ය­කට වෙඩිවැදීම හේතු­වෙන් ආබා­ධිත සෙබ­ළකු ලෙස 1993 වර්ෂ­යේදී සේව­යෙන් විශ්‍රාම ලබා ඇති පුද්ග­ල­යකු බව මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

මෙම අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු 51 වියැති නිට්ට­ඹුව, හුඹු­ටි­යාව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බව පොලි­සිය සඳ­හන් කරයි.

සැක­කරු සන්ත­කයේ තිබී ටූල් කිට් එක රහිත අංක මකාදමන ලද T-56 ගිනි අවි­යක්, රිය­ස­යිට් ෆ්‍රෙස­යිට් ටිප් එකක්, ක්ලීන්‍ ­රොඩ් එකක් ද පොලිස් භාර­යට ගෙන ඇත.

ගිනි­අ­වියේ අංක නොමැති බැවින් ඒ පිළි­බ­ඳව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමුකිරී­මට කට­යුතු යොදා ඇති බව ද පොලි­සිය සඳ­හන් කළේය.

පොලිස් අත්අ­ඩං­ගු­වට ගැනුණු ටී පනස් හය වර්ගයේ ගිනි­අ­විය සැක­ක­රුගේ බාප්පා කෙනකු වූ වස­ර­කට පමණ පෙරදී මර­ණ­යට පත් බස්නා­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යකු ලබාදුන් එකක් බව සැක­කරු පොලි­සිය හමුවේ ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රකා­ශයේ සත්‍ය අස­ත්‍ය­තාව අනා­ව­ර­ණය කරගැනී­මට පොලිස් පරී­ක්ෂණ පැවැ­ත්වෙයි.

සැක­ක­රුට මෙම ගිනි­අ­විය ඇත්ත වශ­යෙන්ම ලබාදුන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී­ව­රයා විසින් ද, නැත­හොත් මිය­ගිය පුද්ග­ල­යාගේ නාමය භාවිත කරන්නේ පරී­ක්ෂණ කට­යුතු නොමඟ යැවීම සඳහා ද යන සැකය පොලි­සි­යට ඇතිව තිබේ.(දිනමිණ)

42.31%
17.27%
32.76%