October 24, 2024

හිටපු ඇමතිවරයකු වන ජෝස්ටන් ප්‍රනාන්දුට අයත් යැයි කියන ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී BMW රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද වාහනයක් බව ඊයේ අධිකරණයේදී ආනාවරණය විය.

අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් කියාසිටියේ, මෙම මෝටර් රථය 2021 වසරේදී එංගලන්තයෙන් සොරකම් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

නීතිවිරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වා ඇති මෙම මෝටර් රථය, කොටස් දෙකක් එකට පෑස්සීමෙන් එකලස් කරන ලද්දක් බවද එහිදී හෙළිකෙරිණි.

එසේම මෙම BMW රථය ධාවනය කර ඇත්තේ සොරාගන්නා ලද අංක තහඩුවක් භාවිත කරමින් බවද නිලධාරීන් අධිකරණය හමුවේ හෙළිකළේය.

මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් පවසා ඇත්තේ, මෙම මෝටර් රථයේ සොරකමට සිය සේවාදායකයා සම්බන්ධ බවට සාක්ෂි නොමැති බවයි.

42.31%
17.27%
32.76%