December 20, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට විශේෂ මහා සභා රැස්වීමකදී තීරණය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම තීරණයට එළඹ ඇත්තේ 2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය.

නව ඡන්ද ව්‍යුහය යටතේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තනිකරම එක් එක් සාමාජික සමාජය ක්‍රීඩා කරන ක්‍රිකට් මට්ටම අනුව තීරණය කරනු ලබන අතර, සුදුසුකම් ලත් සෑම සමාජයකටම සහ සංගමයකටම එක් ඡන්දයක් හිමි වේ.

2024 දෙසැම්බර් 20 වැනි දින පැවති විශේෂ මහා සභා රැස්වීමකදී එහි සාමාජිකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ සැළකිව යුතු සංශෝධන අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තවද, මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා විගණන කමිටුව, ආයෝජන , අයවැය කමිටුව සහ ගනුදෙනු කමිටුව පිහිටුවීමට සාමාජිකත්වය ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ.

මීට අමතරව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් 2025 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පංච පුද්ගල නිලවරණ කමිටුවක් පත් කර තිබේ.

2025 දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි මැතිවරණ කටයුතු එම කමිටුව විසින් අධීක්‍ෂණය කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම වැඩසටහන මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ පාර්ශවකරුවන් සඳහා වඩාත් සම මට්ටමේ ක්‍රීඩා පිටියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ නියෝජනය මගින් රට පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා දායකත්වය පිළිබිඹු වන බව සහතික කරන බවයි.

42.31%
17.27%
32.76%