Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙන්ජි නම් පෞද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකට එතැන සිටි පිරිසකගෙන් විරෝධයක් පැනනැගුණු බවට ජනමාධ්‍ය වාර්තාවක් පළවිය.
මෙහි සත්‍ය තත්වය වන්නේ, අදාළ ආයතනයේ ප්‍රවාහන සේවය මීට පෙර බලයේ සිටි දේශපාලකයන්ගේ කප්පම් ඉල්ලමක් බවට පත්ව ඇති තත්වය පිළිබඳ ගැටලුව විසදීමට තමා මැදිහත්වීම බව මන්ත්‍රීවරයා පවසයි.
එම ප්රශ්නය විසඳනවාට කප්පම් ගන්නා දේශපාලකයන් අකමැති නිසා තමන්ගේ හෙන්චයියන් යොදා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් එළවා දැමීමට කළ උත්සාහයක් එලෙස ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති බව මන්ත්‍රීවරයා පවසයි.
මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පහරදීම සහ තර්ජනය කිරීමට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තුවන බව අදාළ තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජනමාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාවන්ට අනුව මන්ත්‍රීවරයා අදාළ ප්‍රවාහන සේවය වෙනස් කරමින් කප්පම් ලබාගැනීමක් වෙනුවෙන් අදාළ ආයතනයට ගිය බවට එහි විරෝධය දැක්වූ පිරිස චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart