March 24, 2024

පසුගියදා සිදුවූ ඉල්ලා අස්වීම් ගණනාවකින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර වෙනුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සඳහා වෙනත් මන්ත්‍රීවරුන් නම් කරන ලෙස අදාළ දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, පත්කළ කෝප් සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමට ප්‍රතිචාර වශයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එම දැනුම්දීමේ සඳහනක් නොමැති බවයි.

කෝප් කමිටුවේදී මෙවැනි තත්ත්වයක් ඇති වූ පළමු අවස්ථාව මෙය බවද ඔහු පවසයි.

එම ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බව ඔහු පවසයි.

පසුගියදා රෝහිත අබේගුණවර්ධන සභාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මේ වන විට කෝප් කමිටුවෙන් මන්ත්‍රීවරුන් 11 දෙනකු ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක සහ වසන්ත යාපා බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, එරාන් වික්‍රමරත්න, ශානකියන් රාසමානික්කම්, මහාචාර්ය චරිත හේරත්, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ගාමිණී වලේබොඩ සහ හේෂා විතානගේ කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූහ.

42.31%
17.27%
32.76%