Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයවැය කතාවල පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ සමීක්ෂණ ආයතනය සිදුකර ඇති අධ්‍යයනයකින් අනාවරණයවී ඇත.
2017-2021 කාලය තුළ ප්‍රගතිය තක්සේරු කිරීමට නොහැකි වූ අයවැය පොරොන්දුවල සාමාන්‍ය ප්‍රතිශතය 45% වූ අතර මෙය 2022-2023 වන විට 70% දක්වා ඉහළ ගොස් ඇත.
මෙයින් අදහස් වන්නේ රජය තොරතුරු නියමිත පරිදි හෙළිදරව් කර නොමැතිවා මෙන්ම, එම තොරතුරු දැනගැනීමට යොමුකළ තොරතුරු දැනගැනීමේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් ද කර නැති බවය.
2017 වසරේ සිට මුදල් ඇමැතිවරුන් විසින් ලබාදුන් ඉහළ වටිනාකමකින් යුත් අයවැය පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන “අයවැය පොරොන්දු : මැති සබයෙන් ඔබ්බට” නම් වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන අන්තර්ජාල වේදිකාව මෙම සොයාගැනීම් සහ නීරීක්ෂණ වාර්තා කර ඇත.
2023 – වසර මැද සමාලෝචනය
2023 අයවැය කතාවේ සඳහන් වූ ඉහළම මුදලක් වෙන් කෙරුණු පොරොන්දු 25ක් අතරින් 68%කම ප්‍රගතිය, තොරතුරුවල හිඟය නිසා ඇගයීමට ලක්කිරීමේ හැකියාවක් නොතිබුණු බව වෙරිටේ රිසර්ච් පවසයි.
පොරොන්දුවලින් 32%ක ප්‍රගතිය තක්සේරු කිරීමට තොරතුරු තිබුණු මුත්, සතුටුදායක ප්‍රගතියක් ලබාගෙන ඇත්තේ 8%ක් පමණකි.
24%ක ප්‍රගතිය පැවතුණේ මන්දගාමී මට්ටමක ය.
ඉහත සදහන් කෙරුණු අයවැය පොරොන්දු 25ට වෙන්කර ඇති මුළු මුදලේ වටිනාකම රුපියල් බිලියන 49.5ක් වේ.
තොරතුරු නොමැතිකම නිසා ප්‍රගතිය ඇගයීමට ලක්කළ නොහැකි පොරොන්දු මෙම මුදලින් 97%ක ප්‍රතිශතයකට වග කියන අතර, එය මුදලින් රුපියල් බිලියන 47.7කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart