October 17, 2024

2024 ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්දදායකයාගේ වම් අතේ මාපටැඟිල්ල සුදුසු සලකුණු තීන්තයකින් සලකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ජනාධිපතිවරණ සමයේදී ඡන්ද දායකයාගේ වම් අතේ කුඩා ඇඟිල්ලේ නියමිත සලකුණ සටහන්ව තිබූ බැවින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ මාපටැඟිල්ල අනුපිළිවෙලින් සලකුණු කරන බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොමිසම ප්‍රකාශ කරයි.

ගැටළු ඇති නොවන ආකාරයෙන් සුදුසු ආකාරයට ඡන්දදායකයන් සලකුණු කිරීමට පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපනතේ නිශ්චිතව ප්‍රතිපාදන දක්වා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 76A වගන්තියට අනුව තමන්ට පැවරී ඇති බලතල අනුව ඡන්දදායකයාගේ වම් අතේ මාපටැඟිල්ල අස්ථානගත වී ඇත්නම් ඔහුගේ/ඇයගේ දකුණු අතේ වෙනත් ඕනෑම ඇඟිල්ලක් සලකුණු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

42.31%
17.27%
32.76%