July 1, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීයකරණයට ගෙන ඒමෙන් පසු හිටපු සුපිරි ක්‍රීඩකයන් දෙපළක් වන අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් මේ වන විට රට ‘සැළකිව යුතු වන්දියක්’ ගෙවමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ( SLC) තිලංග සුමතිපාල පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ නවීන අවශ්‍යතාවලට සරිලන පරිදි පුහුණු කිරීම් සැකසීම සඳහා තමන් මෙම ගෞරවනීය හිටපු ක්‍රීඩකයන් දෙදෙනා ගෙන්වාගත් බව ඔහු සඳහන් කරයි.

ඔහු පෙන්වාදෙන්නේ, තම කැමැත්තට පටහැණිව, එවකට පැවති දේශපාලකයන් විසින් මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ කොන්ත්‍රාත්තු දීර්ඝ නොකිරීම, කණ්ඩායමට අද දක්වාම බලපාන පහරක් එල්ල කළ බවයි.

“ගුරුසිංහ කියන්නේ හතරවන මට්ටමේ පුහුණුකරුවෙක්” එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවත් වීමෙන් පසුව සම්මුඛ සාකච්ඡාවකදී ‘ඩේලි මෝනිං ස්පෝර්ට්ස්’ තිලංග සුමතිපාල පවසා ඇත.

“ගුරුසිංහගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කර ගැනීම සඳහා ඇමතිවරයාගේ පිටුපසින් යන ලෙස ඉල්ලීමක් ලැබුණා. ඔහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඕස්ට්‍රේලියාවේ ලාබ ලබන රැකියාවක් අතහැර දමා සොච්චම් මුදලකට ලංකාවේ වැඩකිරීමට සහ මේ රටට ඇති ආදරය වෙනුවෙන් තමන් ඒ මට්ටමට නැවීමට සූදානම් නැති බව ඔහු පැවසුවා….හතුරුසිංහ මුහුණ දුන් දුෂ්කරතාවත් මෙයයි”

ජාතික කණ්ඩායම තිරසාර ජයග්‍රහණ කරා යොමුකිරීමට ප්‍රායෝගික හෝ ප්‍රතිඵල ඉලක්ක කරගත් රාමුවක් සකස් කිරීමක් සිදුවන බවක් තමාට නොපෙනෙන බව සුමතිපාල වැඩිදුරටත් පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් මෙම ක්‍රියාදාමය සඳහා විශාල බලපෑමක් ඇති කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මාස 8 ක කාලයක් තුළ ICC ප්‍රධාන තරඟාවලි දෙකක දී කණ්ඩායම ‘විශාල පසුබෑමකට’ ලක් වූ බවත් ඔහු පවසයි.

සුමතිපාල වත්මන් තේරීම් කමිටුවේ සහ එහි තේරීම් වල වැරදි පවතින බව පෙන්වාදෙන අතර, එය හාස්‍යජනක ලෙස හඳුවන්වන ඔහු, කණ්ඩායම අවසානයේ බිඳවැටීමට ප්‍රධාන හේතුවක් ලෙස එය පෙන්වාදෙයි.

අංශු මාත්‍රයක මොළයක් තියෙන කෙනකුට තේරෙනවා එකම කණඩායමක් ඇතුළේ ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනේම නායකයන් ක්‍රීඩා කිරීම ගැටළුවක් කියලා” යැයි ඔහු පෙන්වාදෙයි.