January 25, 2025

යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වීම නිසා පමණක් අත්අඩංගුවට නොගත් බව පැවසූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියාසිටියේ, නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවයි.

අද සිදු වූ අත්අඩංගුවට ගැනීම් පිටුපස දේශපාලන දඩයමක් නොමැති බව ඔහු පැවැසීය.

“යමෙකු නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදීගෙන තිබේ නම් සහ එවැනි නඩු සම්බන්ධයෙන් CID පරීක්ෂණ පවත්වන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වෙනවා. යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නෙවෙයි. ඔහු සඳහන් කළේය.

ආරම්භ කර ඇති පරීක්ෂණ දිගටම පවතින බවත්, CID සහ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒ අනුව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇපලබා දීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ “ඔවුන්ට ඇප ලැබෙනවා. නමුත්, නඩු කටයුතු දිගටම ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකම. රජය කරන්නේ එයට පහසුකම් සැලසීම පමණයි.”

42.31%
17.27%
32.76%