March 29, 2025

මෙරට සිදුවන මරණවලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණ කර තිබේ.

දත්තවලට අනුව, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් 35%ක පිරිසක් අධි රුධිර පීඩනයෙන් පෙළෙති.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ වාර්ෂිකව හඳුනා නොගත් අධි රුධිර පීඩනය හේතුවෙන් පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ලක්වන බවයි.

ඔවුන්ගෙන් 4,000ක් පමණ සෑම වසරකම මිය යන හෝ ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්වන බව දත්ත පෙන්නුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

රටේ වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 41%ක් කිසිදු ප්‍රතිකාරයක් ලබා නොගැනීම භයානක බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.