Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තුළ පවතින අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තහනමකට ලක්වීමට ඇති අවස්ථා ඉහළගොස් ඇතැයි වාර්තා වේ.
දූෂිත චෝදනා හේතුවෙන් ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ මත ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ලෝසෑන් හි පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනටමත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත නිල වශයෙන් උපදෙස් ලබා දී ඇති බව තතුදත් ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත්, ඩිනාල් ෆිලිප්ස් විසින් මෙහෙයවන ලද ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් විධායක කමිටුව මේ දක්වා අපොහොසත් වීම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කෝපයට පත්කර ඇති බව ද ආරංචි මාර්ග පවසයි.
එබැවින්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති අතර, එමඟින් අනාගතයේ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රීඩා තරඟ සඳහා ඉදිරිපත්වීම වළක්වනු ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද වාර්තාවක් පදනම් කර ගනිමින් ද සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශනය කර ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද ත්‍රිපුද්ගල විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් මත ආචාර ධර්ම කමිටුව සිය නිර්දේශ ලබා දී තිබේ.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෑතකදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත අනතුරු අඟවා තිබුණේ සිය උපදෙස් අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වීම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රය දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart