Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලටුවාව පවිත්‍රාගාරයේ හානි වූ සම්ප්‍රේෂණ නළය පිළිසකර කර ඇතත් නිවාස ඒකක 85,000කට පමණ ජල සැපයුම තවමත් යථා තත්ත්වයට පත්කර නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කෙසේවෙතත්, අද (18) පස්වරු 6.00 පමණ වනවිට තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
කලටුවාව පවිත්‍රාගාරයෙන් ජලය සපයන ජල සම්ප්‍රේෂණ නළයට ගොඩගම ප්‍රදේශයේදී හයිලෙවල් මාර්ගයට නුදුරින් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හානි සිදුව තිබේ.
ඊයේ (17) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ජල සම්ප්‍රේෂණ නළයේ ගැටීමෙන් එම නළයට දැඩි හානි සිදුව තිබේ.
සිද්ධිය හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත, රුක්මල්ගම සහ මත්තේගොඩ යන ප්‍රදේශවල නිවාස ඒකක ලක්ෂයකට අධික සංඛ්‍යාවකට ඊයේ පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවා තිබිණි.
හානියට පත් නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රියේ සිදුකෙරුණු අතර අද (18) අලුයම 4.00 ට පමණ එය යථා තත්ත්වයට පත්කළ බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතත්, පීඩාවට පත් ප්‍රදේශවල නිවාස ඒකක 85,000 කට වැඩි සංඛ්‍යාවක ජල සැපයුම තවමත් යථා තත්ත්වයට පත්කර නොමැති බව මණ්ඩලය පවසයි.
මෙම තත්ත්වය එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට තම දෛනික කටයුතු කරගෙන යාමේදී සැලකිය යුතු අභියෝගයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart