June 4, 2024

ඉදිරි ජනාධිපතිවරණය කල්දැමීමට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් විය හැකි ඕනෑම යෝජනාවකට විරුද්ධ වනවා පමණක් නොව, එවැනි ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට ද කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගියදා ප්‍රකාශ කළේ වශ්‍ය නම් පමණක් කැඳවන ජනමත විචාරණයක් සමඟ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම අවම වශයෙන් වසර දෙකකින් කල් දැමිය යුතු අතර ඊට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමේ දී වත්මන් ජනාධිපතිවරයා සැළකිව යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, එබැවින් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙන් එම ජයග්‍රහණ අනතුරේ හෙළන බවත් ඔහු සඳහන් කළේය.

රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් පසු ඕනෑම මැතිවරණයක් කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධත්වය ප්‍රකාශ කළ නමුත් පාර්ලිමේන්තුවේ අදාළ යෝජනාවකට සහය දෙන්නේද නැද්ද යන්න පැහැදිලි කර තිබුණේ නැත.

එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳ කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කල් දැමීමේ කිසිදු පියවරකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය නොදෙන බවයි.

මැතිවරණය කල් දැමීමේ කිසිදු යෝජනාවකට හෝ ඊට සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයකට සහාය නොදක්වන අතර ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ මැතිවරණ කල් දැමීමේ ඕනෑම උත්සාහයක් පරාජය කිරීමේ උත්සාහයට නායකත්වය දීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශකර තිබේ.(Daily Morning)

42.31%
17.27%
32.76%