42.31%
17.27%
32.76%
January 24, 2024

යෝජිත මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත (OSB) සම්මත වුවහොත් ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ සන්නිවේදන සහ සහයෝගී සබඳතා අවසන් කරන බවට කිසිදු අන්තර්ජාතික සමාජ මාධ්‍ය සමාගමක් මෙතෙක් රජයට දැනුම් දී නොමැති බව තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ආන්දෝලනාත්මක නීතිය පිළිබඳ කනස්සල්ල අඛණ්ඩව පවතින අතර, රජයෙන් මෙම ප්‍රකාශය පැමිණෙන්නේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, අද (24) සිට සමාජ මාධ්‍ය සමාගම් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන සමඟ ඔවුන්ගේ සන්නිවේදනය සහ සහයෝගී සම්බන්ධතා අවසන් කිරීමට ඉඩ ඇති බවට ඇතැමුන්ගේ මතය වීමත් සමඟ ය.

මේ අතර, ආසියානු අන්තර්ජාල සන්ධානය(Asia Internet Coalition (AIC)) ඊයේ ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රජය සමඟ සාධනීය සහයෝගීතාවයකින් කටයුතු කළද, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන සඳහා AIC අනුමැතිය ලබා දී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ‘ඩේලි මෝනිං’ වෙත අදහස් දක්වමින් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පවසා ඇත්තේ, දැනට රට තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන කිසිදු අන්තර්ජාතික සමාගමකින් එවැනි පණිවිඩයක් රජයට ලැබී නොමැති බවයි.

එම පනත් කෙටුම්පත මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් යෝජනා කළද එම ජාත්‍යන්තර සමාගම් වැඩි වශයෙන් ගනුදෙනු කරන්නේ තාක්‍ෂණ අමාත්‍යාංශය සමඟ බවද ඔහු පවසා ඇත.

එබැවින් එම සමාගම් විසින් එවැනි තීරණයක් ගත්තේ නම් පළමුව තාක්ෂණ අමාත්‍යාංශයට දැනුම් දෙන බවද ඔහු සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%