July 4, 2024

පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික පොලිස් කොමිසමට බලයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට එම කොමිසම ප්‍රතිචාර දක්වා ඇත්තේ පොලිස්පතිවරයාට පහළින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්ය කරන ඕනෑම නියෝගයකට අනුව කටයුතු කිරීමට ජාතික පොලිස් කොමිසමට හැකියාව ඇති බවයි.

පසුගිය වසරේ (2023) දෙසැම්බර් මාසයේදී එවක වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබිණි.

2010 වසරේ මිරිහාන පොලිස් ස්ථානයේ රඳවා සිටි පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඔවුන් සම්බන්ධ බවට ඔප්පු වීම මෙම නියෝගයට හේතු විය.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට පොලිස්පති ධුරයට නිල වශයෙන් පත්ව සිටී.

ජාතික පොලිස් කොමිසමේ මතය වී ඇත්තේ පොලිස්පතිවරයා ත් කිරීම සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා බැවින් ඔහු සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විෂය පථයට අයත් වන බවයි.

පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තම කොමිසමට බලය ඇති බව ජාතික පොලිස් කොමිසමේ මතය වී තිබේ.

ජාතික පොලිස් කොමිසම පෙන්වා දී ඇත්තේ විවිධ පරිපාලන ගැටලු හේතුවෙන් පොලිස් නිලධාරියකුට එරෙහිව පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝග කොමිසම වෙත ලැබීම ප්‍රමාද වන අවස්ථා ඇති බවයි.

එසේ වුවද එම අභියෝග මාධ්‍යයේ අදාළ නියෝග ක්‍රියාත්මක කරන බවට එම කොමිසම සහතික වී ඇත.

ඊට උදාහරණයක් ලෙස එම කොමිසම පෙන්වා දී ඇත්තේ පාඨලී චම්පික රණවකගේ හිටපු රියදුරුගේ බිරිඳ පවරන ලද නඩුවකට අදාළව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සහතික කළ පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළ බවයි.

කෙසේවෙතත් දැනට විවේචන එල්ල වෙමින් ඇත්තේ නියෝග ආදිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට, වගවීමට සහ අධිකරණ නියෝග තහවුරු කිරීමට ජාතික පොලිස් කොමිසම සතු හැකියාව කෙරෙහි මහජන විශ්වාසය පළුදු වන බවයි.(The Morning)

42.31%
17.27%
32.76%