Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (31) බදුල්ලේ ආරම්භ වූ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළේය.
අද සහ හෙට (01) දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළේ උද්ඝෝෂණය පමණක් පුහුණු වූ මිනිසුන් ඊශ්‍රායලයට ගොස් කරන උද්ඝෝෂණ හේතුවෙන් එරටට ශ්‍රමිකයින් යැවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවය.
එසේ වුවත් එරට රජය සමග පෙර පරිදි කටයුතු පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
“ජනාධිපතිතුමා කිව්වා වගේ අපි යකඩ සපත්තු දාගෙන වීදුරු වැල් පාලමක අමාරු ගමනක් ආවේ. ඒ අමාරු ගමනට ඔය යකඩ සපත්තු කොච්චර අමාරු වුණාද? අපිට සීරුවෙන් එන්න වුණා. ඉතුරු ටිකත් විශාල සපත්තු දාගෙන අන්තිම ටිකත් ඉස්සරහට අරගෙන යනවා. ඒ ටික වෙන අයට බාර දීලා වැල් පාලම කඩා වට්ටන්න, රටේ මිනිස්සුන්ට දුක් විඳවන්න දෙන්න අපි සූදානම් නෑ. රටම දියුණු වෙන වැඩපිළිවෙළ මේ යන්නේ. ඒකත් කඩාකප්පල් කරන්න දියව් දියව් කියන උද්ඝෝෂකයෙක් යැව්වද කියලා සැකයක් තියෙනවා. අපි ඒකට මුහුණ දෙනවා. අපි ඊශ්‍රායලයත් එක්ක කටයුතු සාර්ථක කරලා රට දිනවන වැඩපිළිවෙළ නැවත ගෙනියනවා. ඒ අභියෝගයත් අපි ජයග්‍රහණය කරනවා.
අපි අලුත් වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබන මාසේ ඉඳලා ‘අහුවෙන්න එපා’ නමින් පටන් ගන්නවා වත්තෙන් වත්තට ගිහිල්ලා. ශ්‍රමිකයන්, විදේශගත වතු කම්කරු ජනතාව නිවැරදි විදිහට දැනුවත් කරලා, ඒවයේ ප්‍රතිලාභ ඔවුන්ට ලබා දෙන විශේෂ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනවා.
අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්ව ගමට අධිකරණය ගේනවා කියලා. අපිට මතකයි 71 කැරැල්ලෙන් පස්සේ 88 – 89 භීෂණ කාලේ එහෙම ගමේ නඩු ඇහුවා. ලයිට් දාන්න එපා කිව්වා. පාරේ යන්න එපා කිව්වා. එහෙම ඇහුවේ නැත්නම් බෙල්ල කපලා ගැහුවා වැටේ. මගේ තාත්තටත් ලයිට් දාන්න එපා කිව්වා. තාත්තා කිව්වා උන්ට ඕන විදිහට මම ලයිට් නොදා ඉන්නවද කියලා. මට වයස අවුරුදු එකොළහේදී මගේ තාත්තවත් මරලා දැම්මා. ලයිට් දාපු එකේ වැරැද්ද. ගමේ සාමාන්‍ය දේශපාලනයක් කළ මනුස්සයෙක් ඔහු.
රට ළුෑණුවලට රට ළුෑණු කියන්නේ ඇයි? රටින් ගේන නිසා. ඉස්සර අපි ඒකට කිව්වේ බොම්බයි ළුඈණු කියලා. රතු පරිප්පුවලට ඉස්සර කිව්වේ මයිසූර් පරිප්පු කියලා. 88 – 89 කිව්වා ඉන්දියාවට විරුද්ධයි, ඉන්දියාවේ දේවල් බෑ කිව්වා. ඒ නිසා අපි මයිසූර් පරිප්පු වෙනුවට රතු පරිප්පු, ලොකු ළුණු කිව්වා. ලංකාවේ ළුඈණුවලට ලංකා ළුඈණු කිව්වා. ඉන්දියානු විරෝධය කියලා පන්ති තියලා, 60,000ක් මරලා, සද්ද නැතිව ඉන්දියාවට ගිහින් ඇවිල්ලා ඉන්දියාවට එරෙහි කුමන්ත්‍රණයේ ‘කු’යන්න හලලා මන්ත්‍රණය කරලා ලංකාවට ඇවිල්ලා දැන් ‘සොරි’ කියනවා. අපිට මේ විශ්වාස සියල්ල හදලා අපේ රටේ සංවර්ධනයටයි දශක ගණනාවක් බාධා කළේ. ඉන්දියාවත් එක්ක එකතු වෙලා අපිට ගොඩනැගෙන්න තිබ්බ ගමනයි ඒ නතර කළේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart