Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත යටතේ සමාජ මාධ්‍ය වේදිකාවල දේශපාලනඥයන්ට මඩ ගැසූ බව කියන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරන ලද පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත බවට මහජන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රසිද්ධ උත්සවයකදී ප්‍රකාශ කර ඇති මොහොතක එම දෙපාර්තමේන්තුව මෙසේ සඳහන් කරයි.
පෙරේදා (10) පානදුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කියා සිටියේ, කිසියම් දේශපාලනඥයකුගේ සහාය ඇතිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දේශපාලනඥයන්ට මඩ ගැසූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවයි.
”CID එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් තිබුණා. ඔහු සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් අපට මඩ ගසන අයෙක්.” යැයි ඇමැතිවරයා පැවැසීය.
“දේශපාලනඥයකු තමාට එම මුදල් ගෙවූ බවට ඔහු ප්‍රකාශයක් කළා. ඔවුන් අප, රජය, වැඩබලන පොලිස්පතිවරයා අපකීර්තියට පත්කිරීමට සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරනවා. ඒ නිසා තමයි අපි මේ ඔන්ලයින් ආරක්ෂණ පනත හඳුන්වා දුන්නේ. ආණ්ඩු පෙරළීමට පවා ඔවුන් භාවිත කරන්නේ සමාජ මාධ්‍ය වේදිකාවයි. ඔන්ලයින් ආරක්ෂණ පනත ප්‍රශ්නයක් වන්නේ සමාජ මාධ්‍ය වේදිකා අනිසි ලෙස භාවිතා කරන අයට පමණක් බව මම අවධාරණය කරනවා.” ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
ඔහුගේ ප්‍රකාශයෙන් පසු, විපක්ෂයේ සහ තවත් විවිධ දේශීය හා අන්තර්ජාතික සංවිධානවල විවේචන මධ්‍යයේ රජය විසින් අලුතින් පනවන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පළමු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට ජනමාධ්‍ය වාර්තා පළවිය.
කෙසේවෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව එවැනි වාර්තා ප්‍රතික්ෂේප කරයි.
“ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ කිසිම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නැහැ. කලින් නීතිමය ප්‍රතිපාදන යටතේ තමයි මේ පුද්ගලයා (ඇමැතිවරයා සඳහන් කළ පුද්ගලයා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.” නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart