Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
BRICS 2024 යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශ ඇමැතිවරුන්ගේ සැසිවාරය සඳහා දැනට රුසියාවට ගොස් සිටින විදේශ ඇමැති අලි සබ්රි ඊයේ (ජුනි 10) රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
එම සාකච්ඡාවලදී ඇමැති අලි සබ්රි, රුසියානු සන්නද්ධ හමුදාවන්ට බැඳුණු ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඔහුගෙන් සහාය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඉහළ පෙළේ දූත පිරිසක් අතර 2024 ජුනි 26-27 යන දිනවල පැවැත්වෙන රැස්වීමකදී මෙම කරුණු සමාලෝචනය කිරීමට එකඟ වී ඇත.
ඇමැති අලි සබ්රිගේ ඉල්ලීම පරිදි රුසියානු සන්නද්ධ හමුදාවන්ට ශ්‍රී ලංකාවෙන් මින් ඉදිරියට බඳවා ගැනීමක් සිදු නොවන බවට එරට බලධාරීන් එකඟ වූ බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.
සංචාරක, උසස් අධ්‍යාපනය සහ ආර්ථික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ද ඇමැතිවරුන් දෙදෙනා එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart