Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩා වැටීමට ආසන්න ගොඩනැගිලි, තාප්ප හා ගස් තිබෙන අවදානම් තත්ත්වයේ පාසල් 3000කට වඩා දිවයින පුරා තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය එම ගොඩනැගිලි, තාප්ප ප්‍රතිසංස්කරණයට හෝ ඉවත් කිරීමටත් අනාරක්ෂිත ගස් කපාදැමීමටත් මේ දක්වා ගණනය කිරීමක් සිදුකර නැතැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත.
එම අමාත්‍යාංශයද වසර පහකට වරක් සියලුම පාසල්වලින් වාර්තා ලබාගන්නා බවත්, සෑම පාසලක් වසරකට වරක් සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන බවත්, ඔහු පවසයි.
ඒ අනුව මෙම තොරතුරු විෂය භාර ඇමැතිවරයා ඇතුළු එහි ඉහළ නිලධාරීන්ට ලැඛෙන බවද හෙතෙම සඳහන් කරයි.
2023 වසර ඇතුළුව ගෙවුණු අවුරුදු තුන තුළ අවදානම් පාසල් නඩත්තුවට මුදල් වෙන්කර නොමැති බවත්, 2024 අය – වැයෙන්ද ඊට මුදල් වෙන් කර නැති බවත්, ලේකම්වරයා පවසයි.
අය – වැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීමෙන් පමණක් ගොඩනැගිලි ඇතුළු ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බවත්, මෙය පළාත් හා ජාතික යන පාසල් වර්ග දෙකටම පොදු කරුණක් බවත්, ඔහු සඳහන් කර ඇත.
මේ වන විට මහනුවර, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පාසල්වල අවදානම් ගොඩනැගිලිවලින් සිසුන් ඉවත් කර තිබෙන අතර, ඈත දුෂ්කර ප්‍රදේශවල පාසල් විකල්පයක් නොමැතිකමින් අවදානම් ගොඩනැගිලිවල සිසුන්ට ඉගැන්වීම් සිදුකරන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart