May 9, 2024

මෙරට පුරවැසියන් නොවන පුද්ගලයන්ට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

“ශ්‍රී ලංකාවේ නීතිය මගින් පුරවැසියකු නොවන අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම, මැතිවරණයකට තරඟ කිරීම පමණක් වළක්වන අතර පුරවැසියකු නොවන අයකුට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමත් නීතියෙන් තහනම් කර තිබෙනවා ” යනුවෙන් දේශප්‍රිය පෙන්වා දී තිබේ.

එමෙන්ම, හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ නාමයෝජනා පත්‍රවලට අත්සන් කර නොමැති බවත්, ඇය කිසිදිනක අපේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම්වරිය වී නොමැති බවත් ඔහු කියා සිටී.

“අපේ ජාතික පෙරමුණ හැදුවේ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර සහ දිවංගත ශ්‍රීපති සූරියආරච්චි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඇතිකරගත් දේශපාලන සන්ධානය බිඳදැමූ අවස්ථාවේදීයි. අපේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වූයේ රුවන් ෆර්ඩිනැන්ඩස්. පසුව ඩයනා ගමගේගේ සැමියා එම ධුරයට පත්වුණා” යනුවෙන් මහින්ද දේශප්‍රිය පෙන්වා දී තිබේ.

42.31%
17.27%
32.76%