September 2, 2024

ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් කරන මැතිවරණ සමීක්ෂණ දඬුවම් ලැබිය හැකි වරදක් බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අනතුරු අඟවා තිබේ.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ එවැනි සමීක්ෂණවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගතහැකි බවයි.

ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් කරන මැතිවරණ සමීක්ෂණ පැවැත්වීමෙන් වළකින ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම නිවේදනය නිකුත් කරන්නේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තවත් දින 19ක් ඉතිරිව තිබියදීය.