December 26, 2024

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතත් මෙතෙක් ඔවුන්ට වාහන ලබාදී නොමැත.

මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත්තේ, රජය මේ වනවිට සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට භාවිත කරන්නේ තමන්ගේම වාහන බව ඔහු පවසා තිබේ.

“නව පාර්ලිමේන්තුවේ සේවය කරන මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ට වාහන දෙන්නේ කවදාද කියලා අපි තීරණය කරලා නැහැ. ඒ අයට ලබාදෙන්න වාහන ගෙන්වන්නේත් නැහැ.” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් රජය පසුව සොයා බලන බව ඔහු පවසා තිබේ.

මන්ත්‍රීවරුන්ගේ සහන කප්පාදු කිරීමට නව රජය තීරණය කර තිබිණි.

මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමට ද බලපත්‍ර ලබා නොදෙනු ඇත.

42.31%
17.27%
32.76%