Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරග කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
පක්ෂය ඔවුන්ගේ සන්ධානයේ ප්රධාන හවුල්කරුවෙකු වන ලංකා සමසමාජ පක්ෂය සමඟ පමණක් එකාබද්ධව කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයාබලමින් සිටින බව පැවැසේ.
පසුගියදා පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සහ විධායක සභාවේදී මෙම කරුණු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පවත්වා තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානවලින් තොරව මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසට පක්ෂයේ බහුතර සාමාජික පිරිසක් සහාය පළකර ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත්, ඉදිරි වර්ධනයන් අනුව මෙම ස්ථාවරය වෙනස් විය හැකි බව ඇතැම් සාමාජිකයන් ප්රකාශ කර ඇත.
මහමැතිවරණයේදී පක්ෂය හැර ගිය පුද්ගලයන් යළි එක්කර ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමුව තිබේ.
එහෙත් බොහෝ සාමාජිකයන් එම තීරණයට විරෝධය පළකර ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart