Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට විෂයභාර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පියවර නොගැනීමෙන් අනතුරුව, ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්කළ අතුල ගල්කැටිය ඊයේ (11) නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
1987 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති ගල්කැටිය, 1991 වසරේ සිට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආයතනික සාමාජිකයකු වන අතර, වරලත් ඉංජිනේරුවරයෙකි.
ඉංජිනේරු සහ කළමනාකරණ ක්ෂේත්රවල වසර 34කට වැඩි පළපුරුද්දක් ඇති පළපුරුදු ඉංජිනේරු වෘත්තිකයෙකු වන ඔහු ශ්‍රී ලංකාවේ සහ විදේශීයව ඉංජිනේරු ඉදිකිරීම් ක්ෂේත්රයට දායක වී ඇත.
ඔහු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ ඉදිකිරීම් අංශය වන මධ්‍යම ඉංජිනේරු සේවාවේ පළමු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 2011 දී පත්කරන ලදී.
ඔහු 2021 ඔක්තෝබර් සිට 2022 අගෝස්තු දක්වා කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති යටිතල පහසුකම් සහ භූමි අලංකරණ සංවර්ධනය සඳහා ඒකාබද්ධව පත් කරන ලද සේවා යෝජකයන්ගේ තත්ත්ව නියෝජිතයන්ගේ (JAEQR) කණ්ඩායම් ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.
ඉංජිනේරු අතුල ගල්කැටිය 2022 අගෝස්තු මාසයේදී මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහ මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගමේ 10 වැනි සභාපතිවරයා බවට පත්විය.
පසුව ඔහු 2023 අගෝස්තු මාසයේදී ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ උප සභාපති ලෙස පත්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart