Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබේ.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සහභාගී වී තිබිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය සතියේ කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු එම පක්ෂයේ මෙම නායකත්ව වෙනස සිදුව තිබේ.
1994 සිට 2005 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගොනු කළ පැමිණිල්ලකට අනුව එම අධිකරණ නියෝගය නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart