
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් පවසයි.
ඊයේ (09) උදෑසන පැවැති ජනමාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේය.
මෙම වසරේ ඉලක්ක ගත සංචාරක පැමිණීම වන සංචාරකයින් මිලියන 3ක සීමාවට ලගා වීම සඳහා සංචාරක කේන්ද්‍රස්ථාන වල පහසුකම් දියුණු කිරීමට කටයුතු කළ යතු බව ඔහු පෙන්වාදෙයි.
“මේ අවුරුද්දේ ඉලක්කය එක්ක අපිට අවශ්‍ය වෙනවා සමහර සංචාරක කේන්ද්‍රස්ථාන වල විශේෂ පහසුකම් දියුණු කරන්න. විශේෂයෙන්ම City Branding එක්ක අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණයන් වැඩි කිරීම සහ සංචාරකයන්ට කළ හැකි කටයුතු වැඩි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. අපි දන්නවා අගනගරය වන කොළඹ නගරය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වලින් සපිරි නගරයක්. විශාල හෝටල් ප්‍රමාණයක් ඇවිල්ලා තියනවා. විශාල පහසුකම් ප්‍රමාණයක් ඇවිල්ලා තියනවා. නමුත් සංචාරකයන්ට engage වෙන්න පුළුවන් activities එහෙම නැත්නම් invest එහෙම නැත්නම් උත්සව හෝ වෙනත් කටයුතු වල අඩුවක් කොළඹ නගරයේ තියනවා. මේකත් එක්ක අපි කොළඹ නගරය තුළ Marine Drive එක ආශ්‍රිතව Night Market එකක් ඒ කියන්නේ රාත්‍රී වෙළඳපොළක් විවෘත කරන්න දැනටමත් සැලසුම් කරලා තියනවා. මේ සඳහා වන සැලසුමත් අවසාන අදියරේ තියෙන්නේ. මැයි මාසේ අවසානේ ඉදලා අපි මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart