September 2, 2024

T 20 පිටියේ වසරකදී වැඩිම හයේ පහරවල් එල්ල කළ පිතිකරුවන් අතර පළමු තැනට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක නිකලස් පූරන් සමත්ව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ග්‍රේල් අභිභවා යමින් පූරන් එම වාර්තාව පිහිටුවා තිබේ.

ඒ අනුව නිකලස් පූරන් 2024 වසරේදි මේ වන විට T 20 පිටියේ හයේ පහරවල් 139ක් එල්ල කිරීමට සමත්ව ඇත.

මේ වන විට පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් එක් ඉනිමකදී නිකලස් පූරන් පන්දු 43කදි ලකුණු 97ක් රැස්කළේ ඊට දැවැන්ත හයේ පහරවල් 09ක් අන්තර්ගත කරමිනි.

ක්‍රිස් ග්‍රේල් වසරකදී T 20 පිටියේ රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව( 2015 වසරේදී) බිඳහෙළීම සදහා නිකලස් පූරන් පන්දු 1145කට මුහුණ දී ඇති අතර ක්‍රිස් ග්‍රේල් ඒ සඳහා පන්දු 1012කට මුහුණ දී තිබිණි.

T 20 පිටියේදී ක්‍රිස් ග්‍රේල් 2012 වසරේ හයේ පහරවල් 121ක්, 2011 වසරේදි 116ක් සහ 2016 වසරේදි 112ක වශයෙන් එල්ල කර තිබේ.