May 10, 2024

අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරන ඇළ මාර්ගයක් ඉදිකිරීමේ මතභේදාත්මක චීන සැලැස්මක් සඳහා චීන ව්‍යාපාරිකයෙකුට ලබා දුන් සහනය නිකරගුවාව විසින් අත්හිටුවා තිබේ.

ඒ අදාළ ව්‍යාපෘතිය හරහා පරිසරයට අනතුරක් වන බවට පරිසර ක්‍රියාකාරීන් අනතුරු අගවා තිබූ පසුබිමක් තුළයි.

නිකරගුවාවේ අත්ලාන්තික් සහ පැසිෆික් වෙරළ තීරයන් සම්බන්ධ කරන ඇළ මාර්ගයේ කිසිදු කාර්යයක් සිදු නොවීය.

එක් අවස්ථාවක කාර්ය මණ්ඩලය ඇළ අසල ප්‍රවේශ මාර්ග කඩා දැමූ නමුත් ජල මාර්ගය හෑරීම කිසි විටෙකත් ආරම්භ නොවීය.

නිකරගුවාවේ ගොවීන් දහස් ගනනක් රජයේ අනුග්‍රහය ඇති ව්‍යාපෘතිය සඳහා මාර්ගයක් නිර්මාණය කිරීමට අදහස් කරන ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව විරෝධතා දක්වා තිබුණි.

2019 දී, නිකරගුවාවේ විනිසුරුවරයෙකු විරෝධතාවලට සහභාගී වූ ගොවි නායකයින් තිදෙනෙකුට වසර 216 ක්, අවුරුදු 210 ක් සහ අවුරුදු 159 ක් ලෙස සිර දඬුවම් නියම කළේය.

රජයට එරෙහිව “අසාර්ථක කුමන්ත්‍රණයක්” ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණි.

නිකරගුවාවේ නීතිය වසර 30ක සිර දඬුවමක් නියම කරයි.

එරට ආන්ඩුව කියා සිටියේ මෙම ඇළ දස දහස් ගනනක් රැකියා උත්පාදනය කරන අතර ආර්ථිකය උත්තේජනය කරන බවයි.