
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන නිර්මාණයක් වන Nezha 2 සජීවිකරණ චිත්‍රපටය ගෝලීය වශයෙන් වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව තිබේ.
ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන මඔයාන් දත්තවලට අනුව ඊයේ වනවිට Nezha 2 බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙර විකුණුම් සහ විදේශීය ඉපැයීම් ඇතුළුව යුවාන් බිලියන 12.3 ක (ඩොලර් බිලියන 1.69) ආදායමක් වාර්තා කර ගෝලීය වශයෙන් අටවැනි ඉහළම බොක්ස් ඔෆිස් චිත්‍රපටය බවට පත්ව ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
Nezha 2 හි බොක්ස් ඔෆිස් ආදායමෙන් 99%කට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ චීනය තුළ ප්‍රදර්ශනයෙන් පමණක් බව පැවසේ.
එවැනි වාර්තාවක් තැබූ හොලිවුඩ් නොවන සිනමා නිර්මාණය මෙය බවද සඳහන් වේ.
Nezha 2 යනු 2019 වසරේ ජනප්‍රිය වූ Nezha චිත්‍රපටයේ දෙවැනි කොටසයි.
මෙම චිත්‍රපටයට පදනම් වී ඇත්තේ 16 වැනි සියවසේ චීන නවකතාවක් වන “The Investiture of the Gods” වන අතර, බලකොටු නගරයක් වන Chentangguan ආරක්ෂා කිරීමට උත්සාහ කළ මැජික් බලයක් ඇති වීර පිරිමි ළමයකුගේ චරිතයක් වටා චිත්‍රපටය දිවයයි.
චීන චිත්‍රපට අධ්‍යක්ෂක Yang Yu විසින් අධ්‍යක්ෂණය කරන ලද Nezha 2, 2025 චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රදර්ශනය ආරම්භ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart