51.99%
17.7%
23.19%
August 17, 2024

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහෙයවනු ලබන ඉදිරි අලෙවිකරණ ව්‍යාපාර මගින් ශ්‍රී ලංකාව 2025 දී සංචාරකයන් මිලියන තුනක් ඉලක්ක කර තිබේ.

සැප්තැම්බර් මාසයේ සිට එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ ඉන්දියාව වැනි ප්‍රධාන වෙළඳපොළවල් කෙරෙහි ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇත

ඒ සඳහා රුපියල් බිලියන 1.6ක ඒකාබද්ධ අයවැයක් යෝජිතය.

දෙවැනි අදියර රුසියාව, ඕස්ට්‍රේලියාව, ස්කැන්ඩිනේවියාව සහ අනෙකුත් වෙළඳපළ වෙත ව්‍යාප්ත වනු ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලබන වසරේ සංචාරක පැමිණීම් 700,000කින් ඉහළ නැංවීම අරමුණු කර ඇත.

ඊට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරය සමඟ යටිතල පහසුකම් සංවර්ධනය සහතික කරමින් සමබර වර්ධනයක් අවශ්‍ය බව ඔවුන් අවධාරණය කර තිබේ.

අභියෝග මධ්‍යයේ වුවද, මෙම වසරේ සංචාරකයන් මිලියන 2.3ක ඉලක්කය සපුරා ගැනීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විශ්වාස කරයි.

 

51.99%
17.7%
23.19%