![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Toyota-lanka-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිටින ඇගේ හිටපු පෙම්වතිය, ඇගේ මවට සහ බල්ලාට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවට වන බිය පදනම් කරගෙන ශ්‍රී ලාංකික කාන්තාවකට නවසීලන්තයේ සරණාගතභාවය ලබා දී ඇතැයි NZ Herald පුවත් සේවය වාර්තා කරයි.
තම ලිංගිකත්වය නිසා නිවසසේ සිරකර විවාහයකට බලකරනු ඇතැයි මෙම තරුණ කාන්තාව බියව ඇති බව ඇය මෑතකදී පවත්වා ඇති ආගමන හා ආරක්ෂණ විනිශ්චය සභා විභාගයකදී අනාවරණය කර ඇත.
ඇය තම හිටපු පෙම්වතිය සමඟ රහසිගත යොවුන් වියේ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ බව ඇය නඩු විභාගයේදී පවසා තිබේ.
කෙසේවෙතත් 2017 දී ඇගේ මව ඔවුන් එකිනෙකා සිප ගන්නා බව සොයාගෙන ඇත.
එම සිදුවීමෙන් පසුව පිරිමියකු සමඟ යෝජිත විවාහයකට ඇයට බලකර ඇත.
කෙසේවෙතත්, ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් වූ බව ඇගේ පෙම්වතිය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
පෙම්වතිය පසුව ශ්‍රී ලංකා හමුදාවට බැඳී ඇති අතර, 2021 දී එම හිටපු පෙම්වතිය හමුදා නිලධාරීන් තිදෙනකු සමඟ පැමිණ තුවක්කුව පෙන්වා තරුණ කාන්තාවගේ දෙමාපියන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු ඇතැයි පැවසේ.
තරුණිය නිවසේ නොමැති බව පැවසූ විට, හිටපු පෙම්වතිය, කෝපයට පත්ව තිබේ.
තරුණියගේ මවගේ පපුවට තුවක්කුවක් එල්ල කර ඇයව “මරනවා” යැයි තර්ජනය කර ඇති බවත්, නිවසේ සිටින සුනඛයාවද මරාදමන බවට තර්ජනය කළ බවත් තරුණිය විනිශ්චය සභාවට දැනුම්දී ඇත.
කාන්තාව පසුව නවසීලන්තයට සංක්‍රමණය වී ඇති අතර, ඇගේ හිටපු පෙම්වතියගෙන් බේරීමට සහ අධ්‍යාපනය වෙනුවෙන් පසුව සරණාගතභාවය පතා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart