Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පූර්ව ළමා විය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් කටයුතු යොදා ඇති බව ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසයි.
2024 මාර්තු 07 වැනි දින මෙම ප්‍රකාශන එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව එම සංසදය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්නගේ ප්‍රධානත්වයෙන් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ විය.
ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලුවලට පදනම වන ලිංගික අධ්‍යාපනයට අදාළ පුද්ගලයන්ගේ සීමිත දැනුම වැඩිදියුණු කිරීමේ මූලික අරමුණින්, ලිංගික අධ්‍යාපනය පිළිබඳ මෙම අධ්‍යාපනික ප්‍රකාශන සකස් කර ඇති බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව නිලධාරීහු සංසදය වෙත දන්වා ඇත.
මෙම අධ්‍යාපනික ප්‍රකාශන පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වැඩිහිටි ප්‍රජාව දක්වා ගැලපෙන පරිදි සකස් කර ඇත.
මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය සහ අනුමැතිය යටතේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් සම්පාදනය කර ඇති බව සංසදය හමුවේ අදහස් දක්වමින් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
පළමු අදියර යටතේ මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන ‘ඊ ප්‍රකාශන’ ලෙස ලබාදීමට යෝජිත අතර, සමාජයේ සෑම වයස් කාණ්ඩයකටම ලිංගිකත්වය පිළිබඳ විධිමත් දැනුමක් ලබාදීමෙන් සමාජය තුළ මතුවන අර්බුද රැසක් සමනය කර දරුවන් ආරක්ෂා කර ගත හැකි බව නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart