Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී හෙළිවිය.
ඒ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ සභාපතිත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කොළඹ නරය තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව උපදේශක කාරක සභාව නිලධාරීන්ගෙන් විමසන ලද අතර එයට පිළිතුරු ලබා දෙමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය, කොළඹ වරාය නගරයේ ආයෝජනයන් ගෙන ඒමට අවශ්‍ය නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා වන ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් පැවසීය.
වරාය නගරයේ වාණිජ කටයුතු සඳහා විශේෂ නීතිමය විධිවිධාන ඇතත් රටේ පවතින අනෙකුත් නීති පද්ධති ක්‍රියාත්මක වන බවද මෙහිදී ප්‍රකාශ කෙරිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart