Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ග සඳහා අවම වේගයක් ඇතුළු නව රෙගුලාසි කඩිනමින් රජය විසින් හඳුන්වා දෙන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළේය.
කැබිනට් ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති ගුණවර්ධන කියාසිටියේ ඉදිරි සති දෙක තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන ගැසට් නිවේදනයක් මගින් නව රෙගුලාසි ප්‍රකාශයට පත්කරන බවයි.
විශේෂඥ කමිටුවක් පත්කර ඔවුන්ගේ නිර්දේශ මත ගැසට් පත්‍රය නිකුත් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ පසුගියදා සාකච්ඡාවක් පැවති බව සඳහන් කළ ඇමැතිවරයා, එම සාකච්ඡාවට පොලිසිය, මාර්ග ඉංජිනේරුවන් ඇතුළු විවිධ පාර්ශ්ව සහභාගි වූ බව සඳහන් කළේය.
“කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ වාර්තා වන අනතුරු බොහොමයක් අධික වේගය නිසා සිදුවන බව සාකච්ඡාවේදී පෙනීගියා. අධිවේගී මාර්ගයේ අඩු වේගයකින් ගමන් කරන වාහන ඉස්සර කිරීමට උත්සාහ කිරීම නිසා අනතුරු සිදුවන බවද පෙන්වාදුන්නා.” යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලට හේතු ලෙස හඳුනාගෙන ඇති වෙනත් හේතු අතර ගමනේ දී ආසන පටි පැළඳ නොගැනීම, බීමතින් රිය පැදවීම, මාර්ග නීති පිළිපැදීමට අපොහොසත් වීම යන කරුණු ද ඇතුළත් බව ඇමැතිවරයා අනාවරණය කළේය.
අධිවේගී මාර්ගයේ ආලෝකය අඩු බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඇමැති ගුණවර්ධන කියාසිටියේ, රියදුරුගේ පහසුව සඳහා ලොව පුරා භාවිත කරන ආකාරයටම අධිවේගී මාර්ගවල භාවිත කරන්නේ පරාවර්තක විදුලි පහන් පමණක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart