Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය, අවදානම් යැයි කළින් හඳුනානොගත් ගස් කඩාවැටීමට බොහෝදුරට හේතු වූ බැවින්, ඉන් මහජනතාවට එල්ල වන අනතුරු තීරණය කිරීම සඳහා බලධාරීන් විසින් කොළඹ නගරයේ ඇති අවදානම් නොවන ගස් හඳුනාගැනීම සඳහා නව පර්යේෂණයක් සිදුකරමින් සිටින බව වාර්තා වේ.
කොළඹ නගරයේ දැනට පවතින අවදානම් සහිත ගස්වල තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ, මෑතක දී වාර්තා වූ ගස් කඩා වැටීම්වලින් වැඩි සංඛ්‍යාවක් අවදානම් නොවන ගස් ලෙස හඳුනාගෙන තිබූ ඒවා බවයි.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසන්නේ, නගරයේ පිහිටි අවදානම් නොවන ගස් හඳුනාගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහයෝගීතාවයෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවයි.
කොමසාරිස්වරියට අනුව, මෑතකදී වාර්තා වූ සිද්ධීන් බොහොමයක් අධික සුළං හේතුවෙන් මුලින් ඉදිරී වැටුණු ගස්වන අතර ඒවායේ තත්ත්වය සළකා බැලීමේදී පැරණි හෝ කඳ දිරාපත්වූ ඒවා බව පෙනීගොස් තිබේ.
“කොළඹ නගරයේ ඇති ගස් 100,000 න් 1,000 ක් පරීක්ෂා කර ඒවායින් 500 ක ගැටළුකාරී තත්ත්වයන් ඇති බව සොයා ගැනීමට හැකි වුණා. ඒ අතරින් ගස් 200 ක් පැරණි සහ දිරාපත් වෙමින් පවතින අධිඅවධානම් සහිත ගස් ලෙස හඳුනාගෙන හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එම කාර්යය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කළා” නාගරික කොමසාරිස්වරිය පවසයි.
“මේ වන විට කොළඹ නගර සභාව විසින් රාජ්‍ය දැව සංස්ථාවේ සහය ඇතිව මාර්ග අද්දර සහ පොදු ස්ථානවලින් අවදානම් සහිත ගස් 160ක් පමණ ඉවත් කර ඇති අතර තවත් 30ක් පමණ ඉවත් කිරීමට ඉතිරිව තිබෙනවා”
“ප්‍රශ්නය ආරම්භ වූයේ බලධාරීන් හෝ මහජනතාව විසින් අවදානම් යැයි හඳුනා නොගත් ගස් උදුරා වැටීමට පටන් ගත් විට. එමනිසා අපට අනාගත අනතුරු සඳහා අවදානම් නොවන ගස්වල මුල් පරීක්ෂා කිරීමට සිදුවුණා”
“කඩාවැටුණු බොහෝ අවදානම් නොවන ගස් සංවර්ධන කටයුතු නිසා හානිවී ඇති අතර,නළ එළීමේ කටයුතු සඳහා සිදුකළ කැණීම් හේතුවෙන් සමහර ගස්වල මුල්වලට හානි වී ඇති බව පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අවදානම් නොවන ගස් හඳුනාගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහය ලබාගනු ලැබුවා” යැයි භද්‍රානි ජයවර්ධන පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ, මහජනතාවට අවදානමක් ඇති බවට සැක කරන කොළඹ නගරයේ පිහිටි ගස් පිළිබඳ දෘශ්‍ය හඳුනාගැනීමේ පර්යේෂණයක් ඔවුන් මුලදී සිදුකරන බව හා ඔවුන් තවමත් වාර්තාවක් සකස්කර නොමැති බවයි.
ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බව ද ඔහු සඳහන් කර ඇත.
එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ, අවදානම් නොවන ගස්වල මුල් සහ භූගත තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නවීන පර්යේෂණ සිදුකිරීම සඳහා විශේෂ අධිතාක්ෂණික යන්ත්‍රෝපකරණ අවශ්‍ය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart