January 12, 2024

චීනය නව දේශප්‍රේමී අධ්‍යාපන නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබදව මාර්ගෝපදේශ මගින් ආගම් වලට උපදෙස් ලබා දී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

“දේශප්‍රේමී අධ්‍යාපන නීතිය” චීන මධ්‍යම ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ සංකල්පයක් වන අතර, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් 2023 ඔක්තෝබර් 24 දින එය අනුමත කර ඇත.

චීනයේ බලයලත් ආගම් විසින් ආගමික ප්‍රජාවන් සදහා දේශප්‍රේමී අධ්‍යාපන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

චීන මහජන සමූහාණ්ඩුවේ දේශප්‍රේමී අධ්‍යාපන නීතිය “දේශප්‍රේමීත්වය” යන තේමාව මත එය පළමු නීතිය බව ඔවුහු පෙන්වා දෙති.

දේශප්‍රේමී අධ්‍යාපන නීතිය සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, නීතියේ ආධිපත්‍යය තුළින් නව යුගයේ දේශප්‍රේමී අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බවද සදහන් කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය නොමැතිව නව චීනයක් ඇති නොවන බවත්, චීන ලක්ෂණ සහිත සමාජවාදයක් ඇති නොවන බවත්, චීන ජාතියේ පුනර්ජීවනය සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි බවත් එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.