Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
චාමරගේ නවතම තත්ත්වය පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණේ පහත් අයුරිනි.
ආදරණීය චාලි. අදට හරියටම මාසයක් කලුබෝවිල දැඩි සත්කාර ඒකකයේ.
ගෙවී ගිය දවස් තිහේම මේ රටේ මිනිස්සු චාලිට ආශීර්වාද කළා.
චාලිගේ සහෝදරයො ටික සහෝදරියො ටික හැමෝම එක වගේ චාලි වෙනුවෙන් වෙහෙසුණා. උනන්දු උණා. දුරකථනයෙන් කතා කරල බොහෝ රසික පිරිසක් චාලී ගැන හොයල බැලුව.
වෙන රටකට ගිහිල්ලා හරි බෙහෙත් කරමු අපි වියදම් කරන්නම් කියල පුද්ගලිකව කතාකරපු නන්නාදුනන මිනිස්සු හිටියා. මේ දවස් තිහේම නොකඩවා උදේ දවල් හවස චාලිගෙ බිරිද කලුබෝවිල රෝහලට ආවා.
ඇය සමහර දවස් වල රෝහලෙන් එළියට ආවේ බොහෝම කැලබීමෙන් . චාලී ගැන උනන්දුවක් නොතිබුණු යාලුවෙක් නැති තරම්. රටේ හැමෝම චාලි ගැන හොයල බැලුව .
ඒත් මාසයක් ගතවෙන අද ඇත්තටම යම් සැනසීමක් තියන දවසක්.
අද චාලි බලන්න ගියා. ඒ වෙලාවෙ නින්ද ගිහින්. විනාඩ් දෙක තුනකින් ඇස් අරිද්දි මාව දැකපු චාලි හඩක් නැතුව තොල් අතරින් නිරෝ කියල අතින් අල්ලා ගත්තා .
රටේ හැම තැනම මිනිස්සු ඔයා බලාගෙන ඉන්නවා.
හෙමිහිට නැගිටිමු කියද්දි උඹේ ඇස් දෙපැත්තෙන් එච්චර කදුළු එනවා මම කවදාවත් දැකලා නෑ මිත්‍රයා .
තව දවස් කීපයකින් දැඩි සත්කාර ඒකකයෙන් චාලී එළියට එයි.
ඒත් රෝහලේ තව යම් කාලයක් ඉන්න වෙයි.
චාලී වෙනුවෙන් වෙහෙසෙන කලුබෝවිල රෝහලේ සියලුම දෙනාට ගොඩාක් පිං .
හොයා බලපු ආදරේ කරපු ආදර්ණීය උතුම් මිනිසුනි ඔබටත් බොහෝම පිං .
චාලී ආයෙමත් අපි ඉස්සරහ සින්දු කියන දවසක් එන තෙක් අපි වෙනදා වගේම චාලිට ආශීර්වාද කරමින් බලාසිටිමු. බුදුසරණයි,
දෙවි පිහිටයි චාලී…
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart