January 14, 2025

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

නඩු ගොනු විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

ගොඩගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිෂ්චයකාරවරුන් බදාවාගැනිමට පියවර ගෙන ඇති බව ද හෙතෙම පවසයි.

42.31%
17.27%
32.76%