Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන අනතුරට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට සහ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නව රජය ගත් තීරණය සිංගප්පූරුවේ සහ එක්සත් රාජධානියේ පවතින නඩු කටයුතු මෙහෙයවන නීති විශාරදයන් අතර කණස්සල්ලට හේතු වී තිබේ.
ඔවුන් අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකා බලධාරීන් කරන ඕනෑම සොයාගැනීමක් 2021 වසරේ නැව් සුන්බුන් සඳහා ඩොලර් මිලියන ගණනින් ඇස්තමේන්තු කර ඇති වන්දි ඉල්ලීම් අනතුරේ දැමිය හැකි බවටයි.
මෙතෙක් වාර්තා වී ඇති පරිදි පූර්ව පරීක්ෂණයක් මගින් අදාළ ආපදාවේ වගකීමෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ඇත.
කෙසේවෙතත්, නව පරීක්ෂණයෙන් ශ්‍රී ලංකාව පැත්තෙන් යම් අඩුපාඩුවක් අනාවරණය වුවහොත් වන්දි ඉල්ලීම් සම්බන්ධයෙන් ඇති ස්ථාවරයට බලපෑමක් එල්ලවිය හැකිය.
2021 මැයි 20 වැනි දින කොළඹ වෙරළට ඔබ්බෙන් එක්ස්ප්‍රස් පර්ල් යාත්‍රාව ගිනිගෙන ගිලී යෑමෙන් පසු පාරිසරික හානිය සඳහා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 6.4ක වන්දියක් ඉල්ලා 2023 දී ශ්‍රී ලංකාව එම නෞකාවේ රක්ෂණකරුට එරෙහිව සිංගප්පූරුවේ නඩුවක් ගොනු කළේය.
විදේශ ඇමැති විජිත හේරත් පසුගිය සතියේ ප්‍රකාශ කළේ විමර්ශනය ඉදිරියට ගෙන යෑමට රජය අදහස් කරන අතර, පෙර බලධාරීන් ආපදාවේ සිවිල් වගකීම්වලට අදාළ හිමිකම් තවමත් ඉදිරිපත් කර නොමැති බවයි.
මේ අතර ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ අවධාරණය කරන්නේ රජයේ නව විමර්ශනය දැනට පවතින නඩුවලට බාධාවක් නොවන බවයි.
සිංගප්පූරුවේ සහ එක්සත් රාජධානියේ නඩු පවරා ඇත්තේ නැව් සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර ඇති නිසාත්, රක්ෂණකරු එක්සත් රාජධානියේ සිටින නිසාත් බව රණසිංහ පැහැදිලි කළේය.
නඩුව ශ්‍රී ලංකා අධිකරණයට ගෙනයෑමේ හැකියාව ගැන කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සෑම විටම නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට හැකියාව ඇති නමුත් එය ශ්‍රී ලංකාව තුළ ගොනු කර රට ජයග්‍රහණය කළත් අභියෝගය පවතින්නේ ගෙවීම් බලාත්මක කිරීම තුළ බවයි.
“අපිට නැව් සමාගමට සහ රක්‍ෂණ සමාගමට වන්දි ගෙවන්න කියන්න පුළුවන්, නමුත් ඒ කිසිවකුට ලංකාවේ වත්කම් නැහැ. ඔවුන් ගෙවීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ දේපළ රාජසන්තක කර අලාභ පියවා ගැනීමට අධිකරණයට ක්‍රමයක් නැහැ. අප දන්නා පරිදි නැව් සමාගම සතුව ඇත්තේ වෙනම සමාගමක් යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව පමණයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු ලියකියවිලි අඩුවක් සිදුව නොමැති බවත් අවශ්‍ය සියලුම ලිපි ලේඛන දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් රණසිංහ සඳහන් කර තිබේ.
අදාළ නෞකා ව්‍යසනය සඳහා ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත පාරිසරික හානිය ඩොලර් බිලියන 6.4කි.
මේ වන විට නැව් රක්ෂණ සමාගම වන P&I Club වෙතින් වාරික තුනකින් රටට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 7.85ක් පමණි.
ඒ, 2021 ජූලි මාසයේදී ඩොලර් මිලියන 3.6ක්, මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1.75ක් සහ මේ මාසයේ ඩොලර් මිලියන 2.5ක් වශයෙනි.
එය 2021 ජූනි මාසයේදී මුලින් ඉල්ලා සිටි ඩොලර් මිලියන 40ක අතුරු ඉල්ලීමට වඩා සැළකිව යුතු ලෙස අඩු මුදලකි.
අදාළ නෞකාව කොළඹ වෙරළට ඔබ්බෙන් ගිනි ගන්නා විට නයිට්‍රික් අම්ලය සහ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් වැනි අන්තරායකර ද්‍රව්‍ය රැගත් බහාලුම් 1,486ක් ප්‍රවාහනය කරමින් තිබිණි.
ව්‍යසනයෙන් පසුව, පාරිසරික බලපෑම තක්සේරු කිරීම සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ බහුවිධ විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ශ්‍රී ලංකාවේ ආයතනවල විශේෂඥ මණ්ඩලයක් රැස් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart