Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවලගේ අභාවය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් තීරණය කර තිබුණද ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඔහුගේ නීතිඥයන් කිහිපදෙනකු ඇතුළු පිරිසක් ගනුලැබූ සැලසුම් සහගත කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවට සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාර්කෝ පෙරේරා, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ සඳහන් කළ බව ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව, සාක්ෂිකරු ප්‍රකාශ කර ඇත්තේ, ලලිත් කොතලාවල, ඔහුගේ බිරිඳ සමග කොළඹ සහ එලිබැන්ඩ් පාරේ පිහිටි ඔහුගේ නිවසේ පදිංචිව සිටියදී ඔහු බලහත්කාරයෙන් එම නිවසින් පිටකරවාගෙන කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස් ඇති එකී පිරිස වාතාශ්‍රය පවා හරිහැටි නොලැබෙන, ජනෙල් කවුළුවක් හෝ නොමැති අඩි 10 යි 12 කාමරයක රඳවා තබා ගෙන සිට ඇති බවයි.
ඔහුගේ වයෝවෘද්ධභාවය හෝ නොතකා නිවිති මිශ්‍ර සුප් වර්ග සහ තැඹිලි වතුර පවා මහා රාත්‍රියේ විටින් විට පානය කිරීමට සලස්වා ඇති බවත් හෙතෙම අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.
ලලිත් කොතලාවලට අයත් හෝ ඔහු තනතුරු දැරූ සමාගම්වල කිසිදු දේපළක් කුමන හේතුවක් මත හෝ අන්සතු කිරීම, පවරා දීම හෝ එකී මුදල් යොදවා වෙනත් ව්‍යාපාර ආරම්භ කිරීම වළක්වන ඇප කොන්දේසියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබියදීත් එකී පිරිස රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ඔවුන් වෙත හා ඔවුන්ට සම්බන්ධ සමාගම් නමින් පවරාගෙන ඇතැයි ද එම සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවැසීය.
එකී නීති විරෝධී ක්‍රියාදාමයට විරෝධය පළකළ බිරිඳ සිසිලියා කොතලාවල සහ ඔහුට ළැදියාවක් දැක්වූ ඔහුගේ සූපවේදියා, ගණකාධිකාරීවරයා, පිරිසිදු කරන්නිය, රියදුරු ඇතුළු කිහිපදෙනකු සේවයෙන් ඉවත් කොට ඇති බවත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ එම සාක්ෂිකරු ඔවුන්ගේ භාරයේ රඳවාගෙන සිටි ලලිත් කොතලාවල සමග කිසිවකුට දුරකථනයෙන් හෝ ඇමතීමට ඉඩ දී නැතැයිද පැවසීය.
ඔහු එලෙස බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට පියවර ගත් නීතිඥවරයා ඔහුගේ සහෝදරියව ලලිත් කොතලාවල අසල රඳවා ඇත්තේ සිය සහෝදරියක බව කරුණු සඟවා අසරණ කාන්තාවක ලෙස පෙන්වාදෙමින් යැයි ද සාක්ෂිකරු සඳහන් කළේය.
සිය සාක්ෂිය මගින් එම සාක්ෂිකරු සඳහන් කළේ ලලිත් කොතලාවලගේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සහ ඔහුට අයත් දේපළ පිහිටි ගොඩනැගිලිවල ලලිත් කොතලාවලගේ මුදලින් ඔවුන් ව්‍යාපාර කටයුතු සිදුකර ඇති බවයි.
එකී අනීතික ක්‍රියාවලට මුල් වූ නීතිඥවරයා ඔහුට අයත් නීතිඥ සමාගමේ කාර්යාලයද එම පරිශ්‍රයේම පවත්වා ගෙන ඇති බවත් එම නීතිඥවරයාගේ සහෝදරියට ලලිත් කොතලාවල මුලාකොට විශේෂ සැළකීම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අධිකරණයට පැවසූ එම සාක්ෂිකරු මෙම සියලු අනීතික කටයුතු සිදුකර ඇත්තේ ලලිත් කොතලාවලව අනාථ නිවසකට දමන බවට තර්ජනය කර බලහත්කාරයෙන් වන්නේ යැයිද පැවසීය.
එකී තර්ජන පිළිබඳ ලලිත් කොතලාවල විසින්ම අවස්ථා කිහිපයකදීම බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති බවත්, එකී අනීතික ක්‍රියාවලියට එරෙහිව ඔහු කොළඹ දිසා අධිකරණයේ අධිකරණය හමුවේ පවා නඩුවක් ගොනුකර තිබූ බවත් එම සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
ලලිත් කොතලාවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවේ ඇප කොන්දේසි 13ක් යටතේ බවත්, ඉන් ප්‍රධාන ඇප කොන්දේසිය වූයේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සහ සෙලින්කෝ සමාගම්වලට අගතියක් වන පරිදි වෙනත් ව්‍යාපාරවල යෙදීම වැළැක්වීම මෙන්ම සෙලින්කෝ සමාගම්වලට අයත් කිසිදු දේපළක් අන්සතු කිරීම වැළැක්වීම වන්නේ යැයි ද සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
එකී ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමට එරෙහිව තමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරනු ලැබූ මෝසම ලබන නව වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිටත් දින නියම කර ඇතැයිද ඔහු පැවසීය.
තමන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසන මෙම කරුණු ඇතුළත් සියලු කරුණු තහවුරු කරමින් ලලිත් කොතලාවලගේ අරක්කැමියා ලෙස කටයුතු කළ පුද්ගලයා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත්, ගරු අධිකරණයට ඒවා පරිශීලනය කිරීමට අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.
ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය ඊයේ ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
එහිදී එම සාක්ෂිකරු කළ ඉල්ලීම අනුව ඔහුගේ සාක්ෂිය ප්‍රථමයෙන් ලබාගැනීමට අධිකරණය තීරණය කළ අතර ලලිත් කොතලාවලගේ මරණය සැකසහිත බවට ප්‍රකාශ කොට තිබූ සිසිලියා කොතලාවලගේ සහෝදරියක වන සෙරීන් වික්රමසිංහද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටි නමුත් සිංහල – ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු අධිකරණය හමුවේ පෙනීනොසිටීම නිසා එම සාක්ෂි විභාගය ලබන 06 වැනිදා දක්වා කල්තැබීමට නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart