Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 58ක වියදමින් නෙදර්ලන්තයෙන් නිල සුනඛයන් 35 දෙනෙකු ගෙන්වා තිබේ.
මෙම සුනඛයන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබිණි.
නෙදර්ලන්තයේ “K- 10Working Dog” නම් පෞද්ගලික පශු ගොවිපලෙන් මෙම සුනඛයන් මිලදී ගෙන තිබේ.
පශු වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් නෙදර්ලන්තයේ පිහිටි පශු සම්පත් ගොවිපළට ගොස් සුනඛයන් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
බෙල්ජියම් මැලන්වා , ජර්මන් ෂෙපර්ඩ් සහ ඉංග්ලිෂ් ස්පැනියල් යන වර්ගවලට අයත් සුනඛයන් මෙලෙස මිලදී ගෙන තිබේ.
මිලදී ගෙන ඇති සුනඛයන්ගෙන් 21 දෙනෙකුම බැල්ලන්ය.
වාර්තාවන පරිදි ඉංග්ලිෂ් ස්පැනියල් ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වන විටත් ගැබ්ගෙන ඇත.
පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් 2018 වසරේ දී ද සුනඛයන් ආනයනය කර තිබේ.
මෙම සුනඛයන් භාරගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගුවන්තොටුපළ සත්ව නිරෝධායන ඒකකයට පැමිණ සිටියේය.
මෙම සුනඛයන් වයස මාස 08ත් 12ත් අතර පසුවන අතර ඔවුන් දිවයින පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකකවලට අනුයුක්ත කිරීමට පෙර මාස තුනක පුහුණුවක් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව පැවසීය.
විශේෂයෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල මත්ද්‍රව්‍ය නාශක කටයුතු සහ යුක්තිය මෙහෙයුම් සඳහා මෙම සුනඛයන් යොදා ගන්නා බව ඔහු පැවසීය.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ දැනට සිටින සුනඛයන් සංඛ්‍යාව 372කි.
මෙම සුනඛයන් 35 දෙනා සමග එම සංඛ්‍යාව තවත් ඉහළ යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart