Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“එක අරමුණකින් වැඩකර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත්කිරීමට එක්වෙමු” යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී එක්වෙමිනි.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට ද එක්විය.
යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත්, ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බවද පවසා තිබේ.
එහිදි රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න ප්‍රමාණයක වරමක් රජයට ලබාදුන්නේ මෙම වෙනස ඔවුන්ගේ ද ප්‍රාර්ථනයක් බවට පත්ව තිබෙන නිසා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එබැවින් දේශපාලන අධිකාරිය ලෙස තම රජයට ජනතාවගේ මෙම අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා දේශපාලන නායකත්වය සැපයීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් නැති බව පවසා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, එය යතාර්ථයක් බවට පත්කර ගැනීමට රාජ්‍ය සේවකයන්ගේ සහාය අවශ්‍ය බවද පවසා ඇත.
සියලුදෙනා අපේක්ෂා කරන මෙම නව පරිවර්තනයේ දී රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බවත්, දියුණු වූ සෑම රටකම එම ආර්ථික සහ සමාජයීය වර්ධනය සඳහා පිම්ම ගෙන දුන්නේ රාජ්‍ය සේවය බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart